Sunday, October 30, 2011

සෙනෙහසකට අරුතක් පුරවන්නට.............



සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී
...
කැකුළක් සිදුනින් හදවත පිපුණු
කඳුලෙත් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතු වී පෙනෙනා

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනකදී
ඔබ අත මා දුරකින් තිබුණා

සැලෙන හදවත ඔබ ළග තබා යාමට මට හිතයි.....



සැලෙන හදවත ඔබ ළග තබා යාමට මට හිතයි
ඒහි රිද්මය ඔබට දැනෙන බව මට සහතිකයි
හදෙහි රාවයේ මාගේ ස්නේහය ඔබ සිපයි
මාහට ඇත්තේ ඔබගේ මතකය විතරමයි
ජීවිතයේ දුක කදුල මාහට උරුමද
ඒ තනිකම කෙසේ මා විදගන්නද
මතකයේ ඇති අදුරු භාවය සිනිදුද කෙලෙසද
මා මෙය ඔබ හට පවසමිද
යොවුන් සිහිනයේ නුවන් මෙතරම් අන්ධද
එවන් මතකයේ රැදුනු මා කෙසේ පියාසරීද
මා හදෙහි රාවය ගැන ඔබ කෙසේ දනීද
යදම් බිද දමා එය නුවන් අතරින් ගලායාවිද
මා හද රිද්මය මාගේ තනිකම රහසින් තෙපලයි
එහි ඇති නාදය ඔබගේ නාමය කෑගසයි
ඔබගේ රුව මාගේ මනසේ හද සිතුවම් කරයි
කිසි යම් දවසක එය මා දකින බව මට සහතිකයි....

සීමාවක් මායිම් නැතුව.....



සීමාවක් මායිම් නැතුව
ඔයාට ආදරේ කරපු
පණටත් වඩා ආදරයෙන් බලා ගත්තු මම....
ඔයා නැතුව අද දුක් විදින තරම..
ඔයා දන්නෙවත් නැතුව ඇති
... කියා ගන්න බැරිතරමට
හදවත රිදුම් දෙනකොට
ඇත්තමයි හිතෙනවා මට
මැරිලවත් යනවා නම්,
සැනසීමයි.....

පාලු සිතට හරි ලගය.......



පාලු සිතට හරි ලගය
හැඩූ ඇසට සිනා පොදක් තව හිගය
සිනා මලට ඉගි කරනා විට අගය
මගේ සිතට ඔබ ඇවිදින් යන වගය
... ෴......................................෴

෴......................................෴
මගේ සිත පුරා ඔබ සක්මන් කරන විට
නැත කිසි විඩා ඔබෙ හසරැල් දකින විට
මා යන කැන්දාන ආදර රන් විමානෙට
තව මග බලමි ඔබ වඩිනා තුරා හෙට
෴......................................

ටිකක්‌ මේ ගැනත් හිතුවොත්...........අපි..



ටිකක්‌ මේ ගැනත් හිතුවොත්...........අපි..
දෙවියන් අපිට ඇස්‌ දෙකක්‌ දුන්නෙ ....ඇයි...?
එවගේම කන්දෙකක්‌ අපිට දුන්නෙ ...ඇයි....?
අත් දෙකක්‌ අපිට දුන්නේ ...ඇයි...?
කකුල් දෙකක්‌ අපිට දුන්නෙ.... ඇයි....?
... හිතන්න මොල දෙකක්‌ දුන්නෙ ඇයි.....?..
....එත් ..ඇයි දෙවියන් එක හදවතක්‌ විතරක්‌ දුන්නේ...........
මේහෙම වෙන්න ඇති කියලා මම කියනවා
ඇස්‌දෙකක්‌ දුන්නේ ලොකය දිහා බලන්න එක ඇසක්‌ මදිනිසා කන් දෙක අපිට දුන්නෙ කන් දෙකෙන්ම අපිට ලොකය කියන දෙ අහන්න පුලුවන් වෙන්න අත් දෙක දුන්නෙ ඉතාමත් ශක්‌තිමත්ව අපිටම කියලා හැමදෙයක්‌ම රැක ගන්න කකුල් දෙක දුන්නේ දුන්නෙ අපිට ඔනේ තැනට යන්න ලොකයම ලගට අපිට යන්න පුලුවන් වෙන්න මොල දෙකක්‌ දුන්නේ ගොඩාක්‌ හිතන්න පුලුවන් වේන්න.............එත් එක හදවතක්‌ දුන්නෙ තව හදවතක්‌ හොයාගන්න ඔනේ නිසා අපිට අනිත් හදවත ලැබුන දවසට අපිට්‌ සම්පුර්න මිනිසුන් ලෙස අපේ ජිවන මග සම්පුර්න කරනවා...........මම මෙහෙම හිතනවා........

බොල්පිණී වෑහෙන වෙලාවේ



බොල්පිණී වෑහෙන වෙලාවේ
ඔබගෙන් සමුගෙන යායුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒකයි මා නොකියා යන්නේ

ගැලපිට නැගලා ඈත ගම්බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවනතුරු
ඔබ සිහියට එන්නේ...
ඔබගෙන් සමුගෙන මා යන්නේ
ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලම් කරුවෝ කවරදාක හෝ
එකම තැනක උන්නේ...

ඔබ අත මා දුරකින් තිබුනා



සෙනහසක අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මා ඉමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුලක් සිදුලින් හදවත පිපුණූ
කඳූලෙත් කටුමත විස තිබුනා
බිදුනොත් බදුනක පිළියම් කරනට
බැරි කැලලක් මතුවී පෙනෙනා

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගුකල හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා....

එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට...


එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට,
අදයි අවසන් දවස ඇගෙන් මා හා මගෙන් ඈ සමුගන්න..

සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න,
වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න..
ගලා යන නදී දොළ මිදී මිදී නැවතී ඉන්න..

ලිය මඩල තුරු සිරස එපා මල පළඳින්න,
වසන්තය නිමාවී කොවුලනේ ගොළුවන්න..
සොබාදම් නෑසියනි සැලී සැලී කම්පාවන්න..


Sunday, September 18, 2011

සාදරයෙන් පිලි ගන්නවා මගේ බ්ලොග් අඩවියට


සාදරයෙන් පිලි ගන්නවා මගේ බ්ලොග් අඩවියට.බ්ලොග්කරණයට මම අලුත් කෙනක්.
මම ඔයාලට ගොඩක් වැදගත් වෙන දේවල් මගේ බ්ලොග් අඩවිය හරහා කියල දෙන්නම්.
තව මගේ අත්දැකීම් මේ තුලින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.